දේශයට නිරන්තරව උගතුන් මෙන්ම නායකයන් ද බිහි කරමින් දකුණු සිරිලකට අභිමානයක් ගෙන එමින් වැජඹෙන ගාලු දිශාවේ උඩුගම අධ්‍යපන කලාපයට අයත් දුටුගැමුණු මහා විද්‍යාලය උපත ලැබුවෙ 1926 වර්ෂයේදීය.
20 වන ශතවර්ෂයේ මුල් භාගයේ දී තෙල්ලඹුර ප්‍රදේශවාසී ජනතාවට තම දරුවන්ට අකුරු ඉගැන්වීමේ අවශ්‍යතාව තදින් දැනෙන්නට විය.
ගාල්ල-උඩුගම මාර්ගයේ දඩපිටිය වත්තේ වර්තමානයේ අම්බලම නමින් හඳුන්වන ස්ථානයේ අකුරු කියාදීමේ වැඩ පිළිවෙලක් තිබිණි. මේ නවසිය විසි ගණන් වලදීය. මේ කාලයේදී හිනිදුම පල්ලිය ඉදිවී තිබිණ. පල්ලිය බලා යන ක්‍රිස්තියානි පූජකවරයකුගේ නෙතට ඉහත සිද්ධිය හසුවිය. පසුව ඔහුගේ නායකත්වයෙන් පාසලක් ආරම්භ විය. එය ගා/රෝමානු කතෝලික මිශ්‍ර පාසල නම් විය. වර්තමාන ගා/තෙල්ලඹුර විජය විද්‍යාලය යනු එම පාසලයි.
ප්‍රදේශවාසීන්ගේ අවශ්‍යතාව ඉටු විය. එහෙත් ටික කලකදීම පාසල ආරම්භ කළ පිරිසෙහි යටි අරමුණ ජනතාවගෙන් වසන් කළ නොහැකි විය. ළමයින්ට ඉගැන්වීමේ අරමුණින් පටන් ගත් පාසල රෝමානු කතෝලික ආගම ප්‍රචාරය කිරීමේ ශූක්ෂම වැඩ පිළිවෙලකට අත ගැසීය. විවිධ ආධාර-උපකාර කිරීම් මගින් වසරකට පවුල් දෙකක් ක්‍රිස්තියානි ආගමට හැරෙන්නට විය.
ගම්වාසීන් ක්‍රිස්තියානි ආගමට බිලිවීමේ අනතුර දුටු ගමේ ප්‍රභූන්ට බෞද්ධ පාසලක් ඇරඹීමේ අවශ්‍යතාව තදින් දැනෙන්නට විය. එහෙත් මේ සඳහා මූලිකත්වය ගැනීමට හෝ මග පෙන්වීමට කෙනෙකු නොවීය. එබැවින් නාකියාදෙණිය අශෝකාරාමාධිපති යාලේගම සරණපාල නා හිමියෛා් නායකත්වයට හා මූලිකත්වයට ඉදිරිපත් වූහ.
වර්තමාන පාසල පිහිටා ඇති භූමියට එදා ඒ සඳහා තෝරා ගත්තේය. තාවකාලිකව ඉදි කල පොල්අතු මඩුවක පාසල ඇරඹිනි. විවිධ බාධක හා දුශ්කරතා හමුවේ කෙටි කාලයකදී පාසල වැසී ගියේය.
ශ්‍රී ලංකාව පුරාම කතෝලික බලවේගයට එරෙහිව බෞද්ධ පුනර්ජීවනයක් ඇති කරලීමේ ව්‍යාපාරය පැවතියේ මෙම කාලයේදීය. අනගාරික ධර්මපාල තුමා ගාල්ලට පැමිණ පැවැත් වූ දේශනයකට සවන් දීමට තෙල්ලඹුර, උඩුමලගල හා කොට්ටව ප්‍රදේශවලින් පිරිසක් සහභාගි විය. ධර්ම ප්‍රචාරයේ යෙදුණු පරගොඩ පන්සලේ නායක හාමුදුරුවන් කොට්ටවට ළඟාවන්නේ මෙම කාලයේදීය.
ගමේ උගතෙකු වූ කේ.ජේ.එම්.ප්‍රැන්සිස් මහතා උන්වහන්සේව බැහැ දැක ගමේ බෞද්ධ දරුවන් වෙනුවෙන් පාසලක් ආරම්භ කිරීමට උපකාර කරන ලෙස කරන ලද එම ඉල්ලීමට අනුව පරගොඩ සුමනසාර පොඩි හාමුදුරුවන්ගේ (පසු කල සත්‍යනාථ වීරසිංහ පඬිතුමා) මූලිකත්වයෙන් පිහිටුවාගත් තෙල්ලඹුර ශ්‍රී ශාසනෝදය සමිතියේ මූලිකත්වයෙන් ඇරඹි පාසල ගා/ තෙල්ලඹුර බෞද්ධ මිශ්‍ර පාසල නම් විය.
නුදුරු අනාගතයේදීම ජාතික පාසලක් වීමට මග බලමින් සිටින අප පාසල වර්තමානයේ (2022.09.28) ගා/තෙල්ලඹුර දුටුගැමුණු මහා විද්‍යාලය නම් විය.