අප පාසල ආරම්භ කිරීමේ පුරෝගාමියා වූයේ සත්‍යනාථ වීරසිංහ පඬිතුමාය. 1926.10.11 දින ඇරඹි අප පාසලේ මුල් ගුරුතුමා වූයේ එන්.එච්.පී. ද සිල්වා මහතාය. උපගුරු වූයේ එච්.මලවිආරච්චි මහතාය. ශිෂ්‍ය සංඛ්‍යාව 37ක් විය. ප්‍රථම ශිෂ්‍යයා එන්.වී.ජයනේරිස් නම් වූ අතර කේ.ඒ.හින්නි මැණිකා ප්‍රථම ශිෂ්‍යාව වශයෙන් ලේඛන ගතවී ඇත. දැනට ප්‍රධාන ශාලාව ලෙස පවතින කන්නන්ගර ශාලාව හා ඊට දකුණු පසින් ඇති ශාලාව ගොඩනැඟිලි වශයෙන් තිබුණි. පොල්අතු සෙවිලි කර පැවති මෙම ගොඩනැඟිලි වලින් මැද ශාලාව පසුව ස්ථිර ගොඩනැඟිල්ලක් බවට පත් කලේය. 1928.07.11 දින ඩී.ඩබ්.මනම්පේරි මෙනවිය ප්‍රථම ගුරුවරිය වශයෙන් රාජකාරි භාරගෙන ඇත. පසු කාලයකදී ප්‍රවීන ආචාර්යවරයෙකු හා පසුකාලීනව විදුහල්පතිවරයකු වූ ඊ.කේ.හපුතන්ත්‍රී මහතා විසින් පාසල් ගීතය සකස් කරන ලදී.