විදුහල්පති පණිවිඩය
ගා/තෙල්ලඹුර දුටුගැමුණු මහා විද්‍යාලය

දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගන අප පාසල දකුණු පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වල තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරති.
අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.
ගෝලීයකරණ සංකල්පය හමුවේ මුළු විශ්වයම එකම ගම්මානයක් වෙමින් පවන්නා අවධියක, අපද හුදකලා නොවෙමින් ඔවුන් හා අත්වැල් බැඳ ගැනීම කාලීන අවශ්‍යතාවයකි. අප පාසලේ අතීතයේ සිට සියලු තොරතුරු එක පෙළට පෙල ගස්වා පාසලේ අභිමානය තෙල්ලඹුර ගම්මානයෙන් ඔබ්බට, මුළු විශ්වය පුරාවට බෙදා හැරීමට කදිම අත්වැලක් වෙමින් අපටම අනන්‍ය වූ වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම අප ලද විශාල ජයග්‍රහණයකි. ඒ තුලින් පාසල හා පාසල අවට ප්‍රජාව සමඟ මෙන්ම, මුළු මහත් ලෝකය සමඟ ගනුදෙනු කරමින් දුවාදරුවන්ගේ දියුණුවේ මංපෙත විවර කරදීම අපගේ අරමුණ වී ඇත. අප විද්‍යාලය සමඟ සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට අප පාසලේ වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු ද දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
ගා/තෙල්ලඹුර දුටුගැමුණු මහා විද්‍යාලය