|
පරිපාලන |
||
|
|
|
|
|
යූ.ජී.ඉන්ද්‍රානි මිය නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන) |
||
|
අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය හා සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර, දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි. නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන) ගා/තෙල්ලඹුර දුටුගැමුණු ම.වි.
අධ්‍යාපන සංවර්ධන
ඩබ්ලිව්.පී.සරත් මයා නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන සංවර්ධන) දකුණුලක, උඩුගම අධ්‍යාපන කලාපය තුළ ප්‍රමුඛ නමක් දිනාගත් අප පාසල විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඇගයීමට පාත්‍ර වී ඇත . එවන් පසුබිමක් තුළ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තුළින්ද නව පියවරක් ඉදිරියට තබමින්, අප පාසලට අනන්‍ය වූ නිළ වෙබ් අඩවියක් නිර්මාණය කරගනිමින්, විශ්ව ගම්මානයේ කොටස් කරුවන් වීමට හැකිවීම අප ලද විශාල ජයග්‍රහණයකි. තවදුරටත්, මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කරමින් ඉදිරියට පවත්වාගෙන යාමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි . මෙම නිළ වෙබ් අඩවිය නිර්මාණය සඳහා දායකත්වය දැරූ සියලු දෙනාට මාගේ ගෞරවය හා ස්තූතිය පිරිනමන අතර, දරුවන්ගේ අනාගත යහපත උදෙසා මෙම වෙබ් අඩවියේ දායකත්වය ද ලැබේවායි ප්‍රාර්ථනා කරමි. නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන සංවර්ධන) ගා/තෙල්ලඹුර දුටුගැමුණු ම.වි. |

