2022 ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නිමිත වාණිජ දිනය වෙනුවෙන් අරමුදල් රැස් කිරීම උදෙසා
2022.09.16 දින 6 ශ්‍රේණියේ සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් සිඟිති පොළක් පවත්වන ලදී. 6 ශ්‍රේණියේ දරුදැරියන් මේ සඳහා ඉතා උද්යෝගයෙන් සහභාගී වූ අතර, පාසල් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගේ මහත් පැසසුමට ලක් විය. පාසලේ සියලුම දරු දැරියන්ගේ නොමද සහයෝගය හමුවේ සිඟිති පොළ සාර්ථක කර ගනිමින්, මෙහි ප්‍රධාන අරමුණ වන වාණිජ දිනය වෙනුවෙන් අරමුදල් තර කරගැනීම සාර්ථක කර ගැනීමට හැකි විය.